Home

නීරෝගී සුවය අපේක්ෂා කරන  සමස්ත ලෝ වාසීන්ට පුරාණ හෙළ ඍෂිවරුන්ගෙන් ලොවට දායාද වු හෙළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අසිරිය දැන, දැක, විඳ ඉන් කායික හා මානසික සුවය ලබා නීර‍ෝගිමත් දිවිපැවිත්මකට අවශ්‍ය දැනුම හා හෙළ වෛද්‍යවරු පිලිබද තොරතුරු මබට දායද කරන හෙළ වෙදමැදුර wedamedura.lk

About

පුරාණ හෙළ ඍෂිවරුන්ගෙන් ලොවට දායාද වු හෙළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෙළයා තව තවත් පරතෙර සොයා ගොස් මහානුභාව සම්පන්න වෛද්‍ය විද්‍යාවක් බවට පත්කොටගෙන ඇත.
ලෝකයේ බොහෝ රටවල් මෑත කාලීන ඉතිහාසයකට උරුමකම් කියන අතර හෙළයා ඊට බොහෝ ඈත අව්රුදු 35,000 ක සාක්ෂි සහිත  අතීතයකට උරුමකම් කියනු  ලැබ . ඒ බොහෝ පාරම්පරික දායාදයන් සමගිනි. හෙළ වෙදකම ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගෙන ඇතිබව පෙනේ. ලොව සියලු වෛද්‍ය කර්ම අතර හෙළ වෙදකම සතු විස්මිත රෝග සුවකිරීමේ හැකියාව මීට වඩාත්ම සාධනීය හේතුවයි. බටහිර වෛද්‍ය ක්‍රමය සතු වන්නේ යම් රෝගයකට ඖෂධ ලබාදී එහි රෝග ලක්ෂණ ඉස්මතුවීම වලක්වා රෝග නිධානය යටපත් කිරීමයි. එහෙත් අපගේ ආයුර්වේද  වෛද්‍ය විද්‍යාව මගින් රෝගය නිසිලෙස හදුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකොට එහි අවසාන ඵලය ලෙස එකී රෝගය නැවත ඇතිවීම වලක්වයි.
ලෝකයේ ඇති සියලු වෛද්‍ය ක්‍රමයන්ට වඩා හෙළ වෙදකම සතු සුවිශේෂී ගුණය වන්නේ රෝගාබාධයන් නිට්ටාවටම සුවකිරීමේ හැකියාවයි.
දෙවැන්න ලෙස සදහන් කල හැක්කේ ඉතා පුළුල් පරාසයක පැතිරී ඇති  විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කළ ද ඉන් කිසිදු අතුරු අබාධයක් ඇති නොවීමයි.
හෙළ වෙදකම බොහො ප්‍රතිකාර විධික්‍රම වලින් සංයුක්ත වූ ලොව පවතින සුවිශේෂම වෙදකමයක් වන්නේ, හෙළ වෙදකමේදී රෝගය හා රෝග නිධානය නිවැරදිව හදුනාගෙන කායිකව හා මානසිකව අවශ්‍ය ප්‍රතිකාර 
කයට ලබාදෙන
ගුලි,කල්ක,චුර්ණ,අරිෂ්ට,ක්වාත හා තෛලයන්ට අමතරව, යන්ත්‍ර,මන්ත්‍ර,කන්ත්‍ර,තන්ත්‍ර,ජීව,රස,ආලෝක,ආකර්ෂණ,භූත,යක්ෂ,දේව හා භෞතික සිද්ධියෙන් ද රෝග නිවාරණය කරනු ලැබේ.

මේ සියලු ප්‍රතිකාරයන් භාවිතා කර කය මන සුවපත් කරන වෙදැදුරෝ  කිසිදු ඔසුවක් ලබානොදී ස්පර්ශයෙන්,බැල්මෙන්,හුස්මෙන්,ගින්නෙන්, සහ දෙහි කැපීමෙන් පවා රෝග සුවපත් කරති. ආශ්චර්ය නම් එයයි. හෙළ වෙදකම ස්භාවධර්මයට අනුගත වුවකි. පරිසරයේ පවත්නා  ගස්,මල්,මුල්,වැල්,කොළ,ගෙඩි, ගල්, ලෝහ හා සතුන්ගේ කටු, මුත්‍රා වැනි දෑ ද ප්‍රතිකර්මයන් සදහා යොදාගනු ලබයි. එමෙන්ම අදෘෂ්‍යමාන ශක්තින් ද යොදා ගනු ලබයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හෙළ වෛද්‍ය විද්‍යාව මුලිකව වෙනස් වන්නේ මෙකී කරුණු හමුවේදී බව පෙනීයයි. මන්ද යත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් වන්නේ පෙනිය හැකි, ඇසිය හැකි  සාධක මත පමණි. එහි ප්‍රතිකාර ක්‍රමද සිදුවන්නේ ඒ පවත්නා දෘෂ්‍යමාන හේතූන් සඳහාය. එහෙත් හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව අපට පෙනෙන හේතුන් සහ නිසැකවම නොපෙනෙන හේතුන් ද විවිධ රෝගාබාධයන් වැළඳීමට මුලිකවම හේතු වේ. ඒ අනුව දෘශ්‍යමාන පංචමහා ධාතූන් මෙන්ම පියවි ඇසට දර්ශනය නොවන පංචමහා ධාතූන් ද  ලොව පවතී.

යමෙකුට යම් රෝගයක් වැළඳූන විට කුමන බලපෑමක් මත එය හටගත්තේ දැයි දැන ඊට අවශ්‍ය කායික ප්‍රතිකාර පමණක් නොව මානසික ප්‍රතිකාර ද ලබාදීමද අතවශ්‍ය  වේ. ඇතැමෙක් විවිධ ග්‍රහයන්ගේ බලපෑම් නිසා රෝගී වේ. එවිට ඔහුගේ රෝග ලක්ෂණ යටපත් කිරීමට කොතෙක් බාහිර ඖෂධ ලබාදුන්න ද ඉන් කිසි සුවයක් නොලැබේ. මෙය වටහාගත් හෙළ වෙදදුරෝ ග්‍රහ ශාන්තිකර්මයන්, යන්ත්‍ර පැළඳීම වැනි යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හාස්කම් මගින් අත්දුටු ප්‍රතිපල ලබාගත්හ. නවීන වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද මෙවන් ප්‍රතිකර්ම කිරීමට එය සමත්කම් නොදක්වන අතර ආයුර්වේදය එකතැන පල්වන දෙයක් යැයි පවසන තරමට හෙළ වෙදකම අභියෝගයට ලක්කරයි.
 අපගේ දේශීය වෛද්‍ය විද්‍යාව මුලිකව කායික හා මානසික රෝග මුල් කරගනිමින්  කොටස් කිහිපයකට බෙදේ. 

  • සර්වාංග වෙදකම
  • කැඩුම් බිඳූම් වෙදකම
  • විෂ වෙදකම
  • නිල වෙදකම

මිනිසාගේ සිරුරේ නාඩි 7200ක් පමණ ඇති බවත් ඉන් ප්‍රධාන නිලස්ථාන කිහිපයක් ඇති බවත් ආයුර්වේදයේ දැක්වේ. එම නිල තෙරපීමකට ලක්කිරීමෙන් රෝග සුව කිරීමේ ක්‍රමවේදය “නිල වෙදකමයි. වර්තමානයේදී ද මෙම මෙම ක්‍රමයෙහි නිපුන ඉතා දක්ෂ දේශීය වෛද්‍යවරු සිරිලක වෙසෙති.  අවාසනාවන්තම කරුණ නම් බොහෝදෙනා ඖෂධ ශාක පිළිබඳ නොදන්නා කමයි.
එදා අපගේ ගෘහණියන් ඉගුරු,ලුණුවිල,කහ,කෝමාරිකා, බැලතණ,මොනරකුඩුම්බිය හා නොයෙකුත් ඖෂධ පැළෑටි සිය ගෙවත්තේම වගාකර ගත්හ. ඉන් හදිසි අවස්ථාවකදී අත් බෙහෙත් සදා ගැනීමට මනා දැනුමක් ඔවුන් සතු වූ අතර ඖෂධ ශාක හා පැළෑටි පිලිබඳව මනා අවබෝධයකින් යුක්ත වූහ.
එහෙත්  අද වනවිට එම තත්වය බොහෝ දුරට හීනවී තිබේ.  එහෙත් සත්‍ය තත්වය නම් අප මේ සගවා ගෙන ඇත්තේ මහා නිධානයකි. දුර්ලභ ඖෂධ මානව වැඩෙන මේ හෙළ බිමේ බීජ, අතු හා පෑළ සිටුවා නිසි කල පැමිණි පසු ඒ ඔසු ලෝකයටම හඳූන්වාදිය හැකිනම් මෙරටට විදේශ විනිමය අතිවිශාල ලෙස උපයාගත හැකි හොඳම ක්‍රමය මෙයයි.
එමෙන්ම ලෝකයේ විවිඩ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් නීරෝගී සුවය අපේක්ෂා කරන  සමස්ත ලෝ වාසීන්ට හෙළ වෙදකමේ අසිරිය දැන, දැක, විඳ ඉන් කායික හා මානසික සුවය ලබා නීර‍ෝගිමත් දිවිපැවිත්මකට අවශ්‍ය දැනුම හා හෙළ වෛද්‍යවරු පිලිබද තොරතුරු මබට ලබාදීම අපේ අරමුනයි.  

Diabetes

දියවැඩියාව හා සුවනොවන දියවැඩියා තුවාල ස්ථිරවම සුවකල හැකි විශ්මිත හෙළ වෙදකම.

සාමාන්‍ය ජිවන රටාවෙන් ඉවත්ව කෘත‍්‍රිම ආහාරපාන රටාවකට සහ සුබෝපභෝගි ජීවන රටාවකට හුරු වු වර්තමාන මිනිසා මේ වන විට බලාපොරොත්තු නොවු සෞඛ්‍ය ගැටලූ රාශියකට ගොදුරු වෙමින් සිටී. ඒ අතරින් දියවැඩියාව හෙවත් මධුමේහයද diabetes එවැනි බෝනොවන රෝගී තත්වයකි. මෙය ජනතාවගේ ජීවන තත්වයට මෙන්ම රටේ  ආර්ථිකයටද බරපතල බලපෑමක් ඇති කරයි. අද වන විට මෙම රෝගයෙන් මිදීම සඳහා ස්වභාවික ආහාර සහ ස්වභාවික ඖෂධ කෙරෙහි ලොව පුරා විශේෂ අවධානයක් යොමු වෙමින් පවතින අතර එය අපගේ හෙළ වෙදකම ලොවට විදහා පෑමට අවස්ථාවක් වනු ඇත.

මිනිසාගේ ආරම්භය සිදු වු දා සිට මේ දක්වා පැමිණි ගමනේදි මානව සංහතිය මුහුණදෙන දරුණුතම ව්‍යාධිය බවට පත්ව ඇති දියවැඩියා රෝගය වර්තමාන වෛද්‍ය විද්‍යව තුල බොහෝ රෝගවල රෝග නිදානය ලෙස සලකනු ලැබේ. එම නිසා මෙම රෝගවල රෝග නිදානය ලෙස සලකනු ලැබේ. එම නිසා මෙම රෝගයට ප‍්‍රතිකාර කිරීමත් රෝග නිවාරණය සඳහා ක‍්‍රමෝපායන් යෙදීමත් සෞඛ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයේ නියුතු වුවන්ගේ වගකීමක් හා යුතකුමක් ලෙස සැලකිය හැක.

ශ‍්‍රී ලංකාවටම අනන්‍ය වු පාරම්පරික දේශිය චිකිත්සාව හෙවත් විශ්මිත හෙළවෙදකම මගින් මෙම දියවැඩියා රෝගය මෙන්ම සුව නොවන දියවැඩියා තුවාලද කිසිදු අතුරු ආබාධයක් නොමැතිව නිට්ටාවටම සුවකල හැකි වන අතර එහිදි රෝගියාගේ කැපවීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්ව පවතී. විශ්මිත හෙළවෙදකම හා රෝගියාගේ කැපවීම එක්වු කල දියවැඩියාව නිට්ටාවටම සුවකල හැකිවේ.

දියවැඩියා රෝගය වර්තමාන සමාජයේ ප‍්‍රධානතම සෞඛ්‍ය ගැටලූවලින් එකක් බවට පත්ව ඇත. නවතම දත්තයන්ට අනුව වර්තමාන ලෝක ජනගහනයෙන් මිලියන 366 ක් පමණ මෙම නිහඩමාරයා ලෙස හඳුන්වන දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති අතර නුදුරු අනාගතයේදි මෙම ප‍්‍රමාණය ඉහත දක්වන ලද සංඛ්‍යාව මෙන් තුන්ගුණයකට ආසන්න වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා මගින් ඇස්තමේන්තු කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට හා ශ‍්‍රී ලංකා දියවැඩියා සංගමයේ දත්ත වලට අනුව දියවැඩියාවෙන් පෙලෙන්නන්ගේ ප‍්‍රතිශතයන් පහත දැක්වෙන පරිදි වගුගත කර ඇත.


ලෝක ජනගහනයෙන් (අවුරුදු 20 ට වැඩි)

  2011 2030
මුළු ජනගහනය බිලියන 07 බිලියන 8.3
දියවැඩියා රෝගීන් මිලියන 366 මිලියන 552
දියවැඩියා ප‍්‍රතිශතය 8.3% 9.9%

ශ‍්‍රී ලංකික ජනගහනයෙන් (අවුරුදු 20 ට වැඩි)

  නාගරික ග‍්‍රාමීය
1990 5% 2%
2000 12% 7%
2008 16.4% 8.4%

මෙම දත්තයන් සලකා බැලීමේදි නුතන බටහිර වෛද්‍ය ක‍්‍රමය තාක්ෂණය අතින් ඉතා ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියද ප‍්‍රමේහ රෝගි තත්ත්වය පාලනය වීමක් නොව තවදුරටත් සමාජය තුළ ව්‍යාප්ත වීමක් දක්නට ලැබේ. 

මේ කරුණු සලකා බැලීමේදි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සම්පත් දායකත්වය ලබා දෙන තවත් එක් පැතිකඩක් වන හෙළවෙදකම සතු දැනුම් සම්භාරය යොදගෙන මෙම දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකිරීම සඳහා එහි දක්වා ඇති චිකිත්සා හා නිවාරණ ක‍්‍රම පිළිබඳව මෙහදිි දැනුවත් කෙරේ.

දියවැඩියාව යනු රුධිරයේ සිනි ප‍්‍රමාණය වැඩිවීමයි. රුධිර ධාතුවේ සීනි ප‍්‍රමාණය 120 mg/dl ට වඩා වැඩිවීම දියවැඩියාව ලෙස හැදින්වේ. මෙම රෝගය ලෝකයේ මරණ ප‍්‍රමාණයෙන් පස්වන ස්ථානය ගන්නා රෝගය වන අතර ලංකාවේදී එය බහුලවම පාද කපා ඉවත් කරන රෝගය වේ. මෙය රෝග රැසකට අතවනන රෝගයක් ලෙස හැඳින්වුවේ. එය ඔබගේ මුළු ශරීරයම රෝගීකරවන රෝගයක් නිසාවෙනි. විටෙක එය ඔබගේ පෙනීම අදුරු කරයි. විටෙක එය රුදුරුය. නිසැක වශයෙන් හදවතට බලපාය. වකුගඩු වලට බලපායි. විටෙක එය ඔබේ ඇ`ගිලි කපා දමයි. සිතක් පපුවක්

නැති සේ ඔබගේ පාද සිද දමයි. අක්මාවට බලපායි. එය ඔබගේ මොලයේ ෙසෙල විනාශ කරයි. මේ තරම් පුලූල් විනාශයක් කරන තවත් එකදු රෝගයක් හෝ නැති තරම්ය.

දියවැඩියාව යන වචනය භාවිතා වනුයේ යම් පුද්ගලයෙකුගේ ශරීරයෙන් සිනි සහිති මුත‍්‍රා වැඩියෙන් පහවීම යන අර්ථයෙනි. නමුත් ප‍්‍රශ්නය ඇත්තේ මුත‍්‍රාවල නොවේ. එය සිදු වන්නේ රුධිරයේ සීනි ප‍්‍රමාණය වැඩිවීම නිසා මුත‍්‍රාවලට සීනි එකතු වී ඊට පසු එය ක‍්‍රමයෙන් පහවීමයි. රුධිර ධාතුවේ සීනි මට්ටම වැඩිවනුයේ ශරීරියේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් වල ක‍්‍රියාකාරිත්වය අඩුවීම නිසයි. රුධිර ධාතුවේ සිනි මට්ටම වැඩිවීම නිසා මුත‍්‍රවල සීනි මට්ටම වැඩිවන අතර එමගින් පිටවන මුත‍්‍රා ප‍්‍රමණාය ද වැඩිවේ. එවිට ඒ පුද්ගලයාට දියවැඩියාව වැලදී ඇතැයි කියනවා. දියවැඩියාව යන්න සරලව පැහැදිලි කල හැක්කේ එලෙසටයි.

දියවැඩියාව රෝගයේ දී පහලවන ලක්ෂණ

  • සෑම වැටම ඇතිවන වෙහෙස
  • දිගු කලක් පවත්නා හිරිය හා දැවිල්ල
  • දිගු කලක් තුවාල සුව නොවී පැවතීම. (විශේෂයෙන්ම පාදවල)
  • එක්වරම ශරීරයේ ඇතිවන බර අඩුවීම.
  • ලිංගික අප‍්‍රාණිකත්වය.
  • සෑම විටම දැනෙන කුසගින්න.
  • නිතර නිතර මුත‍්‍රා පහකිරීමේ අවශ්‍යතාවය.
  • රහසඟ ප‍්‍රදේශයේ පවත්නා ආසාදනය.
  • සෑම විටම ඇතිවන තිබහ.
  • පෙනීම බොදවීම.

    දියවාඩියාව රෝගයෙන් අත්මිදිම සදහා තමත් වටිනා තොරතුරු ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න. 
    ~ පාරම්පරික දේශිය වෛද්‍ය~ 
    එස්. එස්.පී මද්දුමගේ 
    077 179 7168

Architecture

වාස්තු විද්‍යව wasthu vidyawa

වාස්තු විද්‍යව wasthu vidyawa නොහොත් වාස්තු යනු වාසයට සුදුසු යන්නයි. මිනිසා මෙන්ම සතුන් ද නිතර තම වාසය සඳහා වාසස්ථාන සකසා ගනී. මේ සඳහා ගල් ලෙන් , ගුල්, බෙන, කැදලි, කූඩු සකසා ගැනීම හෝ සොයා ගැනීම සිදු කරයි. එසේ සොයාගත් පසුව එම ස්ථානය තමාට සුදුසු ලෙස අභ්‍යන්තර මෙන්ම බාහිරව ද විවිධ වෙනස්කම්වලට ලක් කරයි. ඒ සඳහා තමා සතු දැනුම හා අවබෝධය උපයෝගී කොටගෙන තම අවශ්‍යතා හා පරිසර සාධක පාලනය වන පරිදි සකසා ගැනීම වාස්තුවිද්‍යා ලෙස සරලව දැක්විය හැක ය.

මෙහිදී මිනිසා තම ආදි මුතුන් මිත්තන්ගේ පටන් තම පරිසරය සමඟ ඇති දැනුම උපයෝගී කොටගෙන තම අත්දැකීම් හා මුසු කොට තමා අවට ඇති වස්තූන් හා ස්වභාවික ශක්තීන්ගේ ක්‍රියා පටිපාටිය නිරීක්ෂණය කළ හ. තමාට  හිතකර පරිදි තම වාසය සඳහා නිවසක් තැනීම හා ඒ අවට පරිසරය එනම් ගෙමිදුල දක්වා ශක්තිය පාලනය හා එයින් නිවසට ඇතිවන බලපෑම ගණනය කොට ඒ අනුව ඉදිකිරීම් සිදුකිරීමත් ගහකොළ   සිටුවීමටත් පුරුදුවූ හ. එම දැනුම් සංකලනය කර සමස්ථයක් ලෙස වාස්තු විද්‍යාව ලෙස සලකනු ලැබේ. එවිට භූමිය තෝරා ගැනීමේ සිට ගොඩනැගිලි ආදිය ඉදිකිරීමත්, ගෘහ භාණ්ඩ ආදිය තැන්පත් කිරීම හා ගෙමිදුල සකස් කිරීමත්, පැලෑටි සිටුවීම ආදිය දක්වා වූ ක්‍රියාවලිය, වාස්තු විද්‍යානුකූලව සකස් කර ගැනීම තුළින් මිනිසාට තම ජීවිතය යහපත්ව පවත්වා ගැනීමේ දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් දියුණුව හා සම්පත උදා කරගැනීමටත් ඉවහල් වන අතර සමාජ දියුණුවටත් රටේ දියුණුවටත් එය මහෝපකාරී වේ.