මස් මාංශ ගැටළුව විසඳා ගමු!

මාංශ පරිභෝජනය එහෙම නැත්නම් තවත් සතෙකුගේ මාංශ අනුභවය පිළිබඳව තමා බොහොම අද සාම්ප්‍රදායික ආගමේ ගැටළුවක් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක කරුණු දෙකකින් බලන්න පුළුවන්.
1. සූත්‍රයට ධර්මයට බහා ගලපා බැලීම.
2. විනයට සසඳා බැලීම.
දැන් අපි හේතු ඵල ධර්මයට බහා ගලපා බලනවා කියන්නේ දැන් තවත් සතෙකුගේ මස් ආහාරයට ගන්නේ, රස තෘෂ්ණාවක්, රස මජිරිකමක්, රස පෙරේතකමක්, රස ආසාවක් විදියට දිවට පුරුද්දක් හැටියට පුරුදු වෙලා තියෙන වැරදි ගතියක් නිසා.
දෙවෙනි කාරණය අපි හොඳටම දන්නවානම් ඒක තමා මේ චතුස්කෝටික පාරිශුද්ධ බව, මේ මස් පණ ඇති සතෙක් මරලා, කවදා හරි මරලා ලබා ගත්තු දෙයක් මං මේ කන්නේ. මේ මම කන මස, තවත් සතෙක් කැමැත්තෙන් දුන්නු දෙයක් නෙවෙයි. අදින්නාදානා. ඉතින් මේක ගත්තොත්, රස පෙරේතකමින්, රස මජිරිකමින්, රස ආසාවෙන්, මොකද වෙන්නේ? ණයක් වෙනවා. අනුන්ගේ මසක් ගැනීම නිසා. ඉතින් ඒක නිසා මස් නොකා ඉන්නට පුළුවන්කම තියෙනවා.
දැන් ලෝකයේ ඉන්න ලොකුම සත්තු මස් කන අයද? නැහැ. අලියා, කඟවේනා, අනිත් පාර ලෝකෙ වැඩියෙන්ම වේගයෙන් දුවන්න පුළුවන් අශ්වයා, මස් කාලද ජීවත් වෙන්නේ? නැහැ. එහෙමනම් මේ මස් කන එක අත්‍යාවශ්‍ය නැහැ. අපි මස් කන, මස් නොකන කිසිම සතෙක් මස් කාලා ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා මස් නොකා ඕනෑම සතෙකුට මේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන්.
දැන් අපිට ඇතිවෙන බොහෝ ලෙඩ රෝග වලට හේතුව මොකක්ද?
අනුන්ගේ මස්, මාංශ කන එක. ඒවා කෘතිමයි, ස්වාභාවික නැහැ. ඒ වගේම මෛත්‍රී භාවනාවක් කරන්න බැහැ තවත් කෙනෙකුගේ මස් කකා, අර චතුස්කෝටික පාරිශුද්ධිය නැතුව.  පස්සේ අ‍ටුවා ලියපු අය තමා හුඟක් දේවල් ලියලා තියෙන්නේ, මොකද…මස් මාළු නොකා බැරි අය ඉන්නවා. ඒ අය ලියපුවා කලවම් කරගෙන අද තියෙන්නේ.
දැන් අපි බලමු …

  1. ත්‍රිකෝටික පාරිශුද්ද” මංශ යනු මොනවාද?
  2. මස් මාංශ” අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කෙසේද​?
  3. මස් මාංශ අනුභවය වරදක් නොවෙයි කීමෙන් පවක් සිදුවේද​?
  4. බුදු රජාණන් වහන්සේ හෝ අරිහතුන් වහන්සේලා මස් මාංශ අනුභව කලා ද?
  5. නිර්මාංශ අයෙක් දාන උත්සව අවස්තාවන් වලට මස් මාංශ දීමෙන් පවක් සිදු වේද​?

ත්‍රිකෝටික පාරිශුද්ද” මංශ යනු මොනවාද?

ත්‍රිකෝටි කියන්නේ කෙළවරවල් තුනක්, එහෙම නැත්නම් කරුණු තුනක් අතින් පාරිශුද්ධ වෙන. චතුස්කෝටික පාරිශුද්ධයකුත් තියෙනවා ත්‍රිකෝටික පාරිශුද්ධයකුත් තියෙනවා. දැන් ඔතන ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ චතුස්කෝටික පාරිශුද්ධයකුයි විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් පස්සේ කාලෙක ඕක ත්‍රිකෝටික පාරිශුද්ධය කියල විග්‍රහයක් වෙලා තියෙනවා.
දැන් මේ තමන් කන මස,
1. තමන් සඳහා, තමන් වෙනුවෙන්, තමන් උදෙසාම අනුන් තමන් කියවලා හෝ මරා ගත්තේ නැති දෙයක් වෙන්න ඕනේ.
2. තමන් ඉල්ලලා ලබා ගත්තේ නෑ, තමන් ප්‍රකාශ කලේ නෑ මම මස් කන්න කැමැතියි කියල, මට මස් ඕනේ කියල.
3. තමන් දැන දැන මේ තමන් සඳහා පිළියෙළ කරපු, තමන් වෙනුවෙන් පිළියෙළ කරපු විශේෂ දෙයක් නෙමෙයි.
මෙන්න මේ කරුණු තුන තමා ඔය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, නමුත් ඒක එක පැත්තක්, එක පැති කඩක් විතරයි.
තව පැති කඩක් බලන්න ඕනේ හැම බුද්ධ ශ්‍රවකයෙක්ම.
බුදුහාමුදුරුවන්ගේ දැන් අර ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ එහෙම නැත්නම් සිව් පසය පිළිබඳව ආහාරයේ මතන්‍යුතාවය ගන්නකොට දැන් තමන්ට මස් කෑල්ලක් යම් කිසි කෙනෙක් බෙදුව. ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් වෙන්න පුළුවන්.
හැබැයි තමන් මේ මස් කෑල්ල කන්නේ අර ජාගරියං අනුයුත්තො, අර ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ නැති නිසා. එහෙම නැත්නම් රස පෙරේතකම, රස තෘෂ්ණාව, රස කැමැත්ත, ආසාව තියෙන නිසා , අනුන්ගේ මස් කාල පුරුද්දක්, රස විඳීමක් තියෙන නිසයි. මේ දෙපැත්තම බැලුවනං මස් කෑල්ල, පිළිගත්තා, මස් බව දැනගත්ත, නමුත් තමන් මස් කන්නේ නෑ තවත් සතෙකුගේ, තවත් කෙනෙකුගේ බව දන දන. එතකොට චතුස්කෝටික පාරිශුද්ධය ඇති වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඔය දෙකම ප්‍රකාශ කරලා පැහැදිලිව ආමගන්ධ සූත්‍රයේ තියෙනවා.
නමුත් අද වනවිට ත්‍රිපිටකයේ පසුව ලියපු අටුවා, ටීකා, ටිප්පනි, තමන්ගේ වාසියටත්, හේතුවටත්, පහසුවටත් දැන දැන හෝ නොදැන හෝ වැරදි ලියල, කියල ප්‍රකාශ කරලා තියෙනවා . ඒක හින්ද මේකේ දෙපැත්තම දැනගන්න ඕනේ.   
අපිට පැහැදිලිව සූත්‍රයක් දීල තියෙනවා. මොකද්ද සූත්‍රය? හේතුපල ධර්මය. මොකද්ද ධර්මය? ණය වෙනවද? අපි අනුන්ගේ මසක් කෑවොත් ණය වෙනවද නැද්ද? ඒක විනයෙන් පිහිටා කටයුතු කිරීමක්ද? ණය වීමක්ද? ඒක බලන්න ඕනේ. රස තෘෂ්ණාවෙන්, රස පෙරේත කමෙන්, රස කෑදර කමෙන්, රස ආසාවෙන් අර මස් කෑල්ල කෑවා නම් හිතේ ඇතිවුනේ මොකද්ද? කෑදර කමක්, ණය වීමක්, ණය වෙනවා! ආයෙ ගෙවන්න වෙනවා.
දැන් මේ මස් කෑම විතරක් නෙවෙයි අපි බලන්න ඕනේ. හැම කෑමක්ම, ආහාරයක්ම, බීමක්ම ඔක්කොම බලන්න ඕනේ.
දැන් ඔය පදපරම ලෙස, අන්තවාදී ලෙසට වඩා පදපරම ලෙසයි ඔය ඔක්කොම විග්‍රහ කරලා පරිවර්තනය කරලා නැතුව අද ඔය තියෙන අටුවා, ටීකා, ටිප්පනි පොත් පරිවර්තන ඔක්කොම ලිව්වහම පදපරම තමයි ඕවයේ විග්‍රහය.  මේ බුද්ධ දේශනාව, තම තමන් දැනගන්න ඕනේ, මේක තේරුම් ගන්න ඕනේ. නැතුව හරියන්නේ නෑ.
උදාහරණයකට, සුනාමියක් ආවහම, මූද ගොඩ ගැහැව්වම මාළු ගොඩට එනවා. ඒ මාළුන්ට ආපහු යන්න බෑ. ඒ මාළු ඉබේම මැරෙනවා. එක ස්වභාව ධරමයේ ලක්‍ෂණයක්. දැන් ඒ මාළුවා ලෙඩක් හැදිලා මරුන නෙවෙයි නේ, ඉතින් ඒ මාළු කුණුවෙන්න ඇරියොත් වරදක්. ඒක හින්ද මිනිස්සු අරගෙන උයල කනවා,
තමන් මැරුවෙත් නෑ, මරන්න කල්පනා කලෙත් නෑ, චේතනාවක් තිබ්බෙත් නෑ, ඒවා ගන්න ඕනේ. හැබැයි තමන් දැන් මේ මාළු උනත් තමන් රස කර කර කෑවොත්, රස වින්දොත්, රස තෘෂ්ණාවෙන් ඇලුනොත් ඒක වැරදියි.
එවැනි ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් පෘතක්ජන පුද්ගලයන්ට ගන්න අයිතියක් තියෙනවා..
ධර්මයේ යන කෙනෙකුට උනත් ඒක ගත්තට වරදක් නෑ ඒක ත්‍රිකෝටික පාරිශ්ද්දයි නම්. හැබැයි රස තෘෂ්ණාවෙන් කෑවොත්? ගත්තොත්? වැරදියි. මස් රස බැලීම තමයි වරද.
හැබැයි එහෙම මාංශයක් කවුරුහරි උයල නියම නිවැරදි බුද්ධශ්‍රාවකයෙකුට පිලිගන්නුවොත් පිළිගන්න ඕනේ. හැබැයි පාරිබෝජනය කරනවද? නෑ. ඒක රස තෘෂ්ණාවෙන්, රස කැමැත්තෙන් ගන්නේ නෑ. ඒක පාත්තරේ පැත්තක තියල තමන් ආහාර වළඳනව.
කවුරුහරි කෑමට ගන්න නිසා තමා සතුන් මැරීම සිද්ධ වෙන්නේ.ඒ රස තෘෂ්ණාව, රස පෙරේතකම නසා තමා මේ ඔක්කොම සතුන් මරන්නේ, ඔක්කොම සිද්ධ වෙන්නේ. නමුත් අපි දැන ගත්තොත් තව සතෙකුගේ මස් කෑම වැරදයි කියල, ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්.
සමහර අවස්ථාවල නොදැන සතෙකුගේ මාංශ ආහරයට ගන්න පුළුවන්.
ලුණු මිරිසකට උම්බලකඩ දාල තියෙනවා අපි දන්නේ නෑ. ඉතින් එකට කරන්න දෙයක් නෑ අපේ චේතනාවක් තිබ්බෙත් නෑ ඒක චතුස්කෝටික පාරිශුද්ධයි.

මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 ම කැඩෙන ආකාරය කෙසේද?

යම් කිසි කෙනෙක් මස් මාන්ශ අනුභව කරනව නම් පන්සිල් පද 5 ම කැඩෙනව.
1. පානාතිපාතා, මස් මාන්ශ අනුභව කරන්න බෑ පන ඇති සතෙක් මරන්නෙ නැතුව එතකොට මරන්න හෝ මරවන්න හෝ මරවන්නට උපදෙස් දෙන්න හෝ ක්‍රියා කරන්න සිද්ද වෙනව, ඒ අනුව පානාතිපාත කියන සිල් පදය කැඩෙනව
2. තමන් තමන්ගෙ කටට ඇදල දාගන්නෙ කැමැත්තෙන් නොදුන් දෙයක් අදින්න ආදාන, අදින්න කියන්නෙ කැමැත්තෙන් නොදුන්න දෙයක් උපාදානය කරගත්ත, එතකොට අර මස් දෙන්න කැමත්ත වුනේ නෑ අර සතා හැබැයි උගෙන් අපි නොදුන්න මස් අපි අරගෙන අපේ කටට ආදානය කරගත්තා ඇදල දාගත්තා ඒක නිසා අදින්නාදානා කියන හොරෙන් ගත්තා වගේ වැඩක් තමා, හොරෙන් ගත්තා විතරක් නෙමේ අදින්නාදානය කියන්නෙ නොදුන් දෙයක් බලෙන් ගත්තා එහෙම නැත්නම් උපාදානය කරගත්ත ගහල ගත්ත කියන එකත් අදින්නාදානයට වැටෙනව.
3. සතෙක් මරල මස් කන්න යන්නෙ මොකද දිව රමනය කරන්න තමන්ගෙ ශරීරේ මේ යම් ආකාරයකට දිව අර රසකින් රස තෘශ්නාවකින් රස පෙරේත කමකින් ඒක කාමේ අර මිත්‍යා චාරයක් හැසිරීමක්. අර දිව රමනය කිරීමත් කය රමනය කිරීමත් මේකෙදි සිද්ද වෙනව. අනුන්ගෙ මස් කාලා මස් රසට ගිජුවෙලා කටයුතු කිරීමත් කාමේසුමිච්චාචාරයට අයිති වෙනව.
4. ඒ වගේම මුසාවාදා කියන්නෙ මිත්‍යා වාදයක් මේ අපි දැන් අයිති නැති පන නැසීම මේක සම්මාවාදයක් නෙමේ සම්මා වාචා නෙමේ සම්මා කම්මන්ත නෙමේ සම්මා ආජීව නෙමේ මිත්‍යා ආජීව මිත්‍යා කම්මන්ත. ඒ නිසා මේ මිත්‍යා මුසාවාදා කියන එක ඇත්ත වශයෙන් මිත්‍යාවාදා ඒක මාගධී භාශාවෙන් මිත්‍යා වාද කියන එක තමා මුසාවාද ඒ නිසා ඒ සිල්පදෙත් කැඩෙනවා.
5. ඊට පස්සෙ රහමෙර නිසා මත් වෙනව කියන එක මේ අනුන්ගෙ මස් කාලා ඒ මස් රසෙන් මත් වීමත් ඒ නිසා සිල්දප පහ ම එකක් කැඩීමෙන් කැඩෙනව.
එහෙම නැත්නම් ඔය පහ ම එන්න ඕන නෑනෙ දැන් මේ ඇගිලි පහ ම තියනවනෙ ඇගිලි පහෙන් එකක් හරි අඩු වුනොත් බෑ, ඒ නිසා පහ ම උපකාර කරගන්න ඕන අපි යමක් අල්ලන්න. ඒවගේ තමා මේ සිල් පද පහ ම දුන්නෙ මොකද ඔය 5 ම 1 ක් කැඩෙන නිසා කැඩෙනව නැත්නම් එකක් රැකුනොත් 5 ම රැකෙනව ඉතින් ඒක නිසා හොදට තේරුම් ගන්න ඕන ඔය සිල් පද 1ක් රැකෙනව නම් කොයික හරි සිල් පද 5 ම රැකෙනව. හරියට සංවරත්වේ ඉන්නව නම් ඉන්ද්‍රිය සංවරත්වේ ඉන්නව නම් සිල් පද 5 ම රැකෙනව අර ආජීවක පාරිශුද්ද සංවරත්වෙ එක්කො ප්‍රාතිමොක්ක සංවරත්වෙ එක්කො ප්‍රත්‍ය සංවරත්වෙ සිව්පසය ඒ කොයිකෙන් වුනත් මොන සංවරත්වෙන් හිටියත් කායේන වාචා මනසා සංවර වුනොත් සිල් පද 5 ම රැකෙනව.
සමහර අය ස්වාමීන් වහන්සේල පවා මස් මාලු කෑම සාදාරනීය කරනය කරනව.මොකද පුරුද්දක් තියනව සංසාරෙ මස් මාලු කාලා රස විදලා රස තෘශ්නාවෙන් රස ගිජු කමෙන් අනික් මිනිස්සුන්ට නොදුන් දේ ඉල්ලලා ලබා ගන්නව එතකොට අදින්නාදානය වැටෙනවද? කාමේසුමිච්චාචාරේ වැටෙනවද? මුසාවාදයට වැටෙනවද? රහමෙරට වැටෙනවද? ඔක්කොම කැඩෙනව! 5 ම කැඩෙනව.

මස් මාංශ අනුභවය වරදක් නොවෙයි කීමෙන් පවක් සිදුවේද​?

යම් කිසි කෙනෙක් රහතුන් වහන්සේ නමක් මස් මාලු කෑම හරි, කල යුතු දෙයක්, මේක ප්‍රවර්ධනය කරන්න (අනුග්‍රහ දැක්වීම) එහෙම නැත්නම් මේකට උපදෙස් දෙන්න, මිනිස්සුන්ව අතරමං කරන්න කටයුතු කරනව නම්,  ඒක නම් වැරදියි. එහෙම නම්, එයා නම් රහ බැලීම අත්හැරල නම් නෑ. අරහත් තත්වයට පත් වෙනව නම් මේ මස් රස බැලීම, අනුන්ගෙ, සතෙකුගෙ, තවත් කෙනෙකුගෙ මසින් ජීවත් වීම, රස බැලීම, නම් කරයි කියල නම් හිතන්න බෑ කීයටවත්. මස් රස කම, ගිජු කම පෙරේත කම, රස තෘශ්නාව ඇත්තෙ නෑ.
බුදුහාමුදුරුවො කිව්වා කරුණු හයක්. ජබ්භිසෝදන සූත්‍රයේ. ඒ කරුණු හයට දාල බලන්න හරිද කියල එහෙම නැත්නම් හරියයි නැත්නම් වරදියි.
මස් රස බැලීම තද බලම වැරදි දෙයක් බව ජබ්භිසෝදනය සූත්‍රයේ සදහන් වෙනව. ජබ්භි කියන්නෙ කෙලෙස්, හය ආකාරයකට කෙලෙස් සෝදනය කරන්න ඕන. රස බැලීම අත්හැරෙනවා නම්, අරහත් තත්වයට පත් වුනා නම් මස් රස බැලිම අනුමත කිරීම ආධාර අනුබල දීම කිසිසේත්ම කරන්නේ නැහැ.
ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය අනුභව කරාට, කෑවට කමක් නෑ කියල  හාමුදුරුවරු දේශනා කරනව. ඒත් තමන්ගෙ රස තෘශ්නාවක් නැත්නම්  රස ආසාවක් නැත්නම්, අනුන්ගෙ මසක් බව දැන දැන කරන්න පුලුවන්ද?
මාංශ ඉල්ලන්න පේ වෙච්ච කට්ටියක් ප්‍රේත, එතකොට ඉතින් මේ මනුස්ස ජාතියේත් ඉන්නවනේ ඉල්ලන්න පේ වෙච්ච අය
ඒ අය දැන්ම ම ප්‍රේත ගති පුරුදු කරල ප්‍රේතයො වෙලා ඉපදෙනව.

බුදු රජාණන් වහන්සේ හෝ අරිහතුන් වහන්සේලා මස් මාංශ අනුභව කලා ද?

බුදු හාමුදුරුවන්ගේ කාලයේ බොහෝ තැන්වලට බුදු හාමුදුරුවෝ වැඩියාම, ඒ ගෙවල්වල මස් විතරක් උයපු ගෙවල් තිබුනා. බුදු හාමුදුරුවන්ට මස් පූජා කළ බව පැහැදිලිවම පිරිසිඳුව ත්‍රිපිටකයේත් තියෙනවා. බුදු හාමුදුරුවෝත් පිළිගත්ත බවත් පැහැදිලිව තියෙනවා.
හැබැයි මොකක්ද නැත්තේ?
බුදු හාමුදුරුවෝ කවදාක්වත් අනුභව කළායි කියලා කොතැනකවත් නැහැ.
පිළිගත්තයි කියලා තියෙනවා.
ඇයි එහෙම බුදු හාමුදුරුවෝ පිළිගත්තේ?
උපේක්ඛා සිතක් තියෙන බුදු හාමුදුරුවන්ට කීයටවත් බැහැ තවත් කෙනෙක් යමක් පිංපිණිස පිළිගන්වන කොට පිංපිණිස දානයක් දෙනකොට “ආ හා මං ඕවා කන්නේ නැහැ” කියලා අයින් කරන්න. බුදුවරයෙක් එහෙම කරන්නේ නැහැ. ඒ මොකද අර පුද්ගලයා තමන්ගේ කෑමට වෙන්න පුළුවන්, මස්, මාළු හැදුවා. දැන් ඒක විතරයි බෙදන්න තියෙන එකම දේ. ඒක බුදු හාමුදුරුවෝ පිණ්ඩපාතෙ වඩිනකොට බෙදන්න ඇති. බුදු හාමුදුරුවෝ කොයි වෙලාවකවත් ඒක එක පාරටම ප්‍රතික්ශේප කලේ නැහැ, ඒක පිළිකෙව් කළේ නැහැ. ඒක පිළිගත්තා. හැබැයි පිළිගත්තට බුදු හාමුදුරුවෝ කොයි වෙලාවකවත් තවත් සතෙකුට අයිති මසක් පරිහරණය කළේ, අනුභව කළේ නැහැ. ඒක පාත්‍රයේ පැත්තකින් තියලා ඉතුරු ටික උපේක්ඛා සිතින් වැළඳුවා.
අපේ ගෞතම බුදු පියාණන් වහන්සේම ජීවක වෛද්‍ය තුමාගෙන් ප්‍රතිකාර ගන්න ගියාම කියල තියෙනවා මස් සුවඳ ආවත් වළදන්නේ නෑ, දැනගත්තත් වලඳන්නෙ නෑ, කොහොමටවත් බෙදුවට වලඳන්නෙ නැහැයි කියල බුදුරජානන් වහන්සේ එතන දේශනා කරලා තියෙනවා.

නිර්මාංශ අයෙක් දාන, උත්සව අවස්තාවන් වලට මස් මාංශ දීමෙන් පවක් සිදු වේද​?

තමන්ගෙ හිතේ පිරිසිදු කමක් තියනව නම් විශේශයෙන්ම සීලයක් රකින පන්සලකට, ස්වාමීන් වහන්සේ නමකට ඇතුලු සිව්වනක් පිරිසට, කොහොම උනත් මස් මාලු දෙන්න හොද නෑ. එහෙම දීලා ඒක වැරදි දෙයක් සිද්ද වෙන්න තියෙනව.  
   තවත් සතෙකුගේ මස් අරගෙන අපි දානමය පින් කමක් කරල කාටද යහපතක් වෙන්නෙ, කාටද අයහපතක් වෙන්නෙ, ඒකත් අර ආවර්ජනපහාතබ්බා, තමා බලන්න ඕන. ආවර්ජන වසීතාවෙන් කරන්න ඕන. ඒක තම තමන් තීරනය කරන්න ඕන.
දැන් සමහර අය ඉල්ලනව හැබැයි ඉල්ලුවොත් නොදුන්න එකත් එතනත් ප්‍රශ්නයක් තියනව. යම් හාමුදුරුවො නමක් ලයිස්තුවක් එව්වොත් කුකුල් මස්, තෝර මාලු, මාලු බැදල මෙච්චර මෙච්චර ඕන  කියල. එතෙන්දි යම් ආකාරයක ඉල්ලීමක් තියනව. ඒ දේවල් නොලැබුනොත් ද්වේශයක් එනව ඔයාලගේ දානෙන් අපිට වැඩක් නෑ කියල නොයෙක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒදේවල් ගැනත් කල්පනා කරල බලන්න වෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *