About

පුරාණ හෙළ ඍෂිවරුන්ගෙන් ලොවට දායාද වු හෙළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෙළයා තව තවත් පරතෙර සොයා ගොස් මහානුභාව සම්පන්න වෛද්‍ය විද්‍යාවක් බවට පත්කොටගෙන ඇත.
ලෝකයේ බොහෝ රටවල් මෑත කාලීන ඉතිහාසයකට උරුමකම් කියන අතර හෙළයා ඊට බොහෝ ඈත අව්රුදු 35,000 ක සාක්ෂි සහිත  අතීතයකට උරුමකම් කියනු  ලැබ . ඒ බොහෝ පාරම්පරික දායාදයන් සමගිනි. හෙළ වෙදකම ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගෙන ඇතිබව පෙනේ. ලොව සියලු වෛද්‍ය කර්ම අතර හෙළ වෙදකම සතු විස්මිත රෝග සුවකිරීමේ හැකියාව මීට වඩාත්ම සාධනීය හේතුවයි. බටහිර වෛද්‍ය ක්‍රමය සතු වන්නේ යම් රෝගයකට ඖෂධ ලබාදී එහි රෝග ලක්ෂණ ඉස්මතුවීම වලක්වා රෝග නිධානය යටපත් කිරීමයි. එහෙත් අපගේ ආයුර්වේද  වෛද්‍ය විද්‍යාව මගින් රෝගය නිසිලෙස හදුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකොට එහි අවසාන ඵලය ලෙස එකී රෝගය නැවත ඇතිවීම වලක්වයි.
ලෝකයේ ඇති සියලු වෛද්‍ය ක්‍රමයන්ට වඩා හෙළ වෙදකම සතු සුවිශේෂී ගුණය වන්නේ රෝගාබාධයන් නිට්ටාවටම සුවකිරීමේ හැකියාවයි.
දෙවැන්න ලෙස සදහන් කල හැක්කේ ඉතා පුළුල් පරාසයක පැතිරී ඇති  විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කළ ද ඉන් කිසිදු අතුරු අබාධයක් ඇති නොවීමයි.
හෙළ වෙදකම බොහො ප්‍රතිකාර විධික්‍රම වලින් සංයුක්ත වූ ලොව පවතින සුවිශේෂම වෙදකමයක් වන්නේ, හෙළ වෙදකමේදී රෝගය හා රෝග නිධානය නිවැරදිව හදුනාගෙන කායිකව හා මානසිකව අවශ්‍ය ප්‍රතිකාර 
කයට ලබාදෙන
ගුලි,කල්ක,චුර්ණ,අරිෂ්ට,ක්වාත හා තෛලයන්ට අමතරව, යන්ත්‍ර,මන්ත්‍ර,කන්ත්‍ර,තන්ත්‍ර,ජීව,රස,ආලෝක,ආකර්ෂණ,භූත,යක්ෂ,දේව හා භෞතික සිද්ධියෙන් ද රෝග නිවාරණය කරනු ලැබේ.

මේ සියලු ප්‍රතිකාරයන් භාවිතා කර කය මන සුවපත් කරන වෙදැදුරෝ  කිසිදු ඔසුවක් ලබානොදී ස්පර්ශයෙන්,බැල්මෙන්,හුස්මෙන්,ගින්නෙන්, සහ දෙහි කැපීමෙන් පවා රෝග සුවපත් කරති. ආශ්චර්ය නම් එයයි. හෙළ වෙදකම ස්භාවධර්මයට අනුගත වුවකි. පරිසරයේ පවත්නා  ගස්,මල්,මුල්,වැල්,කොළ,ගෙඩි, ගල්, ලෝහ හා සතුන්ගේ කටු, මුත්‍රා වැනි දෑ ද ප්‍රතිකර්මයන් සදහා යොදාගනු ලබයි. එමෙන්ම අදෘෂ්‍යමාන ශක්තින් ද යොදා ගනු ලබයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හෙළ වෛද්‍ය විද්‍යාව මුලිකව වෙනස් වන්නේ මෙකී කරුණු හමුවේදී බව පෙනීයයි. මන්ද යත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් වන්නේ පෙනිය හැකි, ඇසිය හැකි  සාධක මත පමණි. එහි ප්‍රතිකාර ක්‍රමද සිදුවන්නේ ඒ පවත්නා දෘෂ්‍යමාන හේතූන් සඳහාය. එහෙත් හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව අපට පෙනෙන හේතුන් සහ නිසැකවම නොපෙනෙන හේතුන් ද විවිධ රෝගාබාධයන් වැළඳීමට මුලිකවම හේතු වේ. ඒ අනුව දෘශ්‍යමාන පංචමහා ධාතූන් මෙන්ම පියවි ඇසට දර්ශනය නොවන පංචමහා ධාතූන් ද  ලොව පවතී.

යමෙකුට යම් රෝගයක් වැළඳූන විට කුමන බලපෑමක් මත එය හටගත්තේ දැයි දැන ඊට අවශ්‍ය කායික ප්‍රතිකාර පමණක් නොව මානසික ප්‍රතිකාර ද ලබාදීමද අතවශ්‍ය  වේ. ඇතැමෙක් විවිධ ග්‍රහයන්ගේ බලපෑම් නිසා රෝගී වේ. එවිට ඔහුගේ රෝග ලක්ෂණ යටපත් කිරීමට කොතෙක් බාහිර ඖෂධ ලබාදුන්න ද ඉන් කිසි සුවයක් නොලැබේ. මෙය වටහාගත් හෙළ වෙදදුරෝ ග්‍රහ ශාන්තිකර්මයන්, යන්ත්‍ර පැළඳීම වැනි යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හාස්කම් මගින් අත්දුටු ප්‍රතිපල ලබාගත්හ. නවීන වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද මෙවන් ප්‍රතිකර්ම කිරීමට එය සමත්කම් නොදක්වන අතර ආයුර්වේදය එකතැන පල්වන දෙයක් යැයි පවසන තරමට හෙළ වෙදකම අභියෝගයට ලක්කරයි.
 අපගේ දේශීය වෛද්‍ය විද්‍යාව මුලිකව කායික හා මානසික රෝග මුල් කරගනිමින්  කොටස් කිහිපයකට බෙදේ. 

  • සර්වාංග වෙදකම
  • කැඩුම් බිඳූම් වෙදකම
  • විෂ වෙදකම
  • නිල වෙදකම

මිනිසාගේ සිරුරේ නාඩි 7200ක් පමණ ඇති බවත් ඉන් ප්‍රධාන නිලස්ථාන කිහිපයක් ඇති බවත් ආයුර්වේදයේ දැක්වේ. එම නිල තෙරපීමකට ලක්කිරීමෙන් රෝග සුව කිරීමේ ක්‍රමවේදය “නිල වෙදකමයි. වර්තමානයේදී ද මෙම මෙම ක්‍රමයෙහි නිපුන ඉතා දක්ෂ දේශීය වෛද්‍යවරු සිරිලක වෙසෙති.  අවාසනාවන්තම කරුණ නම් බොහෝදෙනා ඖෂධ ශාක පිළිබඳ නොදන්නා කමයි.
එදා අපගේ ගෘහණියන් ඉගුරු,ලුණුවිල,කහ,කෝමාරිකා, බැලතණ,මොනරකුඩුම්බිය හා නොයෙකුත් ඖෂධ පැළෑටි සිය ගෙවත්තේම වගාකර ගත්හ. ඉන් හදිසි අවස්ථාවකදී අත් බෙහෙත් සදා ගැනීමට මනා දැනුමක් ඔවුන් සතු වූ අතර ඖෂධ ශාක හා පැළෑටි පිලිබඳව මනා අවබෝධයකින් යුක්ත වූහ.
එහෙත්  අද වනවිට එම තත්වය බොහෝ දුරට හීනවී තිබේ.  එහෙත් සත්‍ය තත්වය නම් අප මේ සගවා ගෙන ඇත්තේ මහා නිධානයකි. දුර්ලභ ඖෂධ මානව වැඩෙන මේ හෙළ බිමේ බීජ, අතු හා පෑළ සිටුවා නිසි කල පැමිණි පසු ඒ ඔසු ලෝකයටම හඳූන්වාදිය හැකිනම් මෙරටට විදේශ විනිමය අතිවිශාල ලෙස උපයාගත හැකි හොඳම ක්‍රමය මෙයයි.
එමෙන්ම ලෝකයේ විවිඩ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් නීරෝගී සුවය අපේක්ෂා කරන  සමස්ත ලෝ වාසීන්ට හෙළ වෙදකමේ අසිරිය දැන, දැක, විඳ ඉන් කායික හා මානසික සුවය ලබා නීර‍ෝගිමත් දිවිපැවිත්මකට අවශ්‍ය දැනුම හා හෙළ වෛද්‍යවරු පිලිබද තොරතුරු මබට ලබාදීම අපේ අරමුනයි.