Architecture

වාස්තු විද්‍යව wasthu vidyawa

වාස්තු විද්‍යව wasthu vidyawa නොහොත් වාස්තු යනු වාසයට සුදුසු යන්නයි. මිනිසා මෙන්ම සතුන් ද නිතර තම වාසය සඳහා වාසස්ථාන සකසා ගනී. මේ සඳහා ගල් ලෙන් , ගුල්, බෙන, කැදලි, කූඩු සකසා ගැනීම හෝ සොයා ගැනීම සිදු කරයි. එසේ සොයාගත් පසුව එම ස්ථානය තමාට සුදුසු ලෙස අභ්‍යන්තර මෙන්ම බාහිරව ද විවිධ වෙනස්කම්වලට ලක් කරයි. ඒ සඳහා තමා සතු දැනුම හා අවබෝධය උපයෝගී කොටගෙන තම අවශ්‍යතා හා පරිසර සාධක පාලනය වන පරිදි සකසා ගැනීම වාස්තුවිද්‍යා ලෙස සරලව දැක්විය හැක ය.

මෙහිදී මිනිසා තම ආදි මුතුන් මිත්තන්ගේ පටන් තම පරිසරය සමඟ ඇති දැනුම උපයෝගී කොටගෙන තම අත්දැකීම් හා මුසු කොට තමා අවට ඇති වස්තූන් හා ස්වභාවික ශක්තීන්ගේ ක්‍රියා පටිපාටිය නිරීක්ෂණය කළ හ. තමාට  හිතකර පරිදි තම වාසය සඳහා නිවසක් තැනීම හා ඒ අවට පරිසරය එනම් ගෙමිදුල දක්වා ශක්තිය පාලනය හා එයින් නිවසට ඇතිවන බලපෑම ගණනය කොට ඒ අනුව ඉදිකිරීම් සිදුකිරීමත් ගහකොළ   සිටුවීමටත් පුරුදුවූ හ. එම දැනුම් සංකලනය කර සමස්ථයක් ලෙස වාස්තු විද්‍යාව ලෙස සලකනු ලැබේ. එවිට භූමිය තෝරා ගැනීමේ සිට ගොඩනැගිලි ආදිය ඉදිකිරීමත්, ගෘහ භාණ්ඩ ආදිය තැන්පත් කිරීම හා ගෙමිදුල සකස් කිරීමත්, පැලෑටි සිටුවීම ආදිය දක්වා වූ ක්‍රියාවලිය, වාස්තු විද්‍යානුකූලව සකස් කර ගැනීම තුළින් මිනිසාට තම ජීවිතය යහපත්ව පවත්වා ගැනීමේ දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් දියුණුව හා සම්පත උදා කරගැනීමටත් ඉවහල් වන අතර සමාජ දියුණුවටත් රටේ දියුණුවටත් එය මහෝපකාරී වේ.