Kumbuk

ඖෂධීය කුඹුක්  ශාකය

කුඹුක්  ශාකය අටවිසි බුදුවරුන් අතරින් දසවැනි බුදුන් වහන්සේ වන අනෝමදස්සී බුදුන් වහන්සේ බුද්ධත්ව ලැබීම සදහා සෙවනදී ඇති බොධින්වහන්සේ නමක් ලෙස සැලකේන අතර ඉපැරණි ග‍්‍රන්ථවල කුකුහ යන ශබ්දයෙන් මෙය හඳුන්වා ඇත.
කුමුක් යන සිංහල නාමය කුකුහ නම් සතු (සංස්කෘත) නාමයෙන් බිදී ආබව සිතිය හැක. කුඹුක් ගසේ මුල් කැපු විට ඉන්වැහන දියරය උසස් ප‍්‍රතිඵලයක් ලද හැකි ඖෂධයක් සේ සමහර ගම්බද වෛද්‍යවරු සලකති.
කුඹුක් පොතු කෝපි මෙන් කුඩු කර සාදා බීම දියවැඩියාවට යහපත් බව ගම්බද ජනයාගේ මතයයි. කුඹුක් පොතු විශේෂයෙන් හෘදය ශක්තිමත් කිරීමේ හැකියාවෙන් යුක්ත බව පැරණි වෛද්‍ය මතයකි. එසේම අධික රුධිර පීඩනය, වණ, අස්ථිභග්න, පෙනහලු රෝග, ප්‍රමේහ, විඩාව, මූර්ජා, පණු රෝග, උදර රෝග, ගම්භීරකුෂ්ඨ, විදුරුමස් රෝග, විසූචිකා, පාන්ඩු, සුදු කබර, රක්ත අතීසාරය, රක්ත අර්ශස්, රක්තපිත්ත, ඉදිමුම් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කුඹුක් කොළ, පොතු, සුඹුලු, ගෙඩි ආදිය භාවිතා කරයි.
කුඹුක් රක්ත ස්තම්භන, සන්ධානී, වණ ශෝධනය සහ රෝපණය කරන, මුත්‍ර සංග්‍රහනී, විෂ නාශක ආදී ගුණයන් රැසකින් සමන්විතයි.

කුඹුක් මුල් පොතු කොළ ගෙඩි මල් දළු ඖෂධ වශයෙන් යොදා ගැනෙති. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතුය.

උද්භිත විද්‍යාත්මක විස්තරය

සිංහල නාමය කුඹුක්
උද්භිද විද්‍යා නාමය Terminalia arjuna (Roxb) Wight and Arn
කුලය Combretaceae හරිතකි
ඉංගී‍්‍රසි බසින්
සකු බසින් අර්ජුන පාර්ථ නදි, සර්ජ ධනංජය, ශිවමල්ලක
වංග බසින් අර්ජුන
දෙමළ බසින් වෙල්ලායි හා ඔරුද මරම් යනුවෙන්ද
පර්යායනාම ධවල,අර්ජුන,කුකුහ,ඉන්දාද්‍රැ,වීරවෘක්ෂ
ව්‍යවහර අංගකොළ,පොතු,සුමුලූ මල්,ගෙඩි

මීටර් 15-25 දක්වා උසයන විශාල ශාකයකි. කදේ පහල මට්ටමේ සිටම අතුබෙදීම සිදුවේ. පොත්ත මෘදුයි. රෝස හෝ කොළ සුදු පැහැයට හුරුය. පොත්ත මතුපිට විශාල කැබැලි ලෙසට ගැලවීයාමසිදු වෙයි. පත‍්‍ර  සෙ.මී. 10 -15 දක්වා දිගයි. ආයතන හෝ අණ්ඩාකාර හැඩතිය. පුෂ්පි කොළ පැහැයට හුරු සුදුපාටයි. ඵල 25 – 5 දක්වා දිගයි. බීජ තද දුඹුරු පාට වන අතර එක් ඵලයක එක් බීජයක් ඇත. අප‍්‍රියෙල් හා මැයිවල මල් පිපේ.

ප‍්‍රභේද – එළ කුඹුක්,කළු කුඹුක්,ලපටි කුඹුක්

ව්‍යවහරික රෝග අවස්ථා : අතිරක්ත චාපය, ව‍්‍රණ, අස්ථිභග්න, හෘද රෝග, පෙනහලූ ගත රෝග, බහුමුත‍්‍රාව,ප‍්‍රමේහ,රක්තාර්ශස්,ශ්වේත කුෂ්ඨ

ප‍්‍රකටව භාවිතා වන යෝග

  • කැසීම ආදි සියලූ චර්ම රෝග සඳහා කුඹුක් කෂාය බීම.
  • ශරීර ශක්තියට කුඹුක් පොතු කෂාය බීම.
  • ව‍්‍රණයට කුඹුක් කොළ තම්බා සේදීම,කුඹුක් ගෙඩි තම්බා අඹරා ව‍්‍රණය මත ගෑම.
  • ශෝථයට/ඉදිමුමට කුඹුක් මල් අඹරා අලේප කිරීම.
  • ශ්වෙත ප‍්‍රදරයට/සුදයාමට කුඹුක්,සුදු හදුන් දෙවගේ කෂාය බීම.